Thursday, September 11, 2014

අමතක මතක මාවත | Forgotten Footprints



පෙර දිගින් හිරු නැගී අවර දිග සැඟවුණා
වසත් කළ මල් කැකුළු පල දරා හිනැහුණා
නුඹේ පියවර ලකුණු යුග ගණන් කාලයක
හිම තුහින මල් පියලි අතර අමතක වුණා


(Technical : Nikon D3100/ AF-S NIKKOR 18-105 VR - Shutter Speed 1/100 at f 5.3)

Friday, March 16, 2012

රත්තරන් ඉර - පායන්න ඉක්මණින්





හීතලට ඉකිබිඳින තුෂාරය සඟවමින්
දෙපා අඩපණ කරන හිම තලය දියලමින්
පිපෙන්නට වෙර දරණ මල් කැකුළු සනසමින්
අනේ රත්තරන් ඉර - පායන්න ඉක්මණින්

(Technical : Nikon D3100/ AF-S NIKKOR 18-105 VR - Shutter Speed 2/5 at f 36)

Friday, July 1, 2011

අදින් බොහෝ කලකට පසුව



පුංචි උද්‍යානයක දසත විහිදුනු මාවත් අතරින් ඇගේ අත ගෙන පියමනිද්දී මගේ දෙනෙත දුටු සුන්දර දසුනක් සටහන් කරගත්තෙමි තෙවැනි ඇස තුලින්, ඔවුන්ගේ අවසර නොලබාම. අප දෙදෙනාද  අදින් බොහෝ කලකට පසුව මේ ලෙසින්ම ඇවිද යනු ඇතැයි  ඈ මගේ සවනට කොඳුලාය.

(Technical : Nikon D3100/ AF-S NIKKOR 18-105 VR - Shutter Speed 1/250 at f 5.6)